ශාන් ශාද් ප්‍රකාශන

Sale!

හිට්ලර් ඊවා අමරණීය ආදරය

, ,

Original price was: රු900.00.Current price is: රු720.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

THE PRIVAT LIFE OF ADOLF HITLER

THE INTIMATE NOTES AND DIARY OF EVA BRAUN

ISBN: 9786242041704

නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ්‍රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත්‍යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද යන්න විදහා දැක්වෙන අවස්ථා ද ඔහුගේ චරිතයේ විරල නැත. රිචඩ් වාග්නර්ගේ සංගීතයට වශීව ඔහු ඊට ලොබ බැඳ සිට ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයට ය. එලෙසම සම්භාවනීය ජර්මන් ලේඛකයන් වූ වොෆ්ගන්ග් ගොන්තේ, ප්‍රීඩ්‍රිච් ෂිලර් වැන්නවුන් ඔහුගේ නිබඳ ඇගයුමට පාත්‍රවී තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඔවුන්ගේ කෘති ඇසුරු කර ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.

Weight .300 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිට්ලර් ඊවා අමරණීය ආදරය”

Your email address will not be published. Required fields are marked *