Sale!
සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා
කෙටි කතා, එරික් ඉලයප්ආරච්චි, ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම, රාජ්‍ය සාහිත්‍ය සම්මානරු600.00 Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.
+ Courier/Post Charges
Availability:
Available on backorder
SURYA KLANTHAYA SAHA ANATHA KATHA
ISBN: 9786240020121
විසූවියස් ගිනිකන්ද පුපුරා ගලන ලෝදියෙන් මළ පිළිම වීමට සුළු මොහොතකට පෙර ලාංකික – පොම්පේ වැසියාගේ අනාථ පුද්ගල විඥානය පිළිබිඹු කරන කථා මාලාවකි.
කතුවරයා අපේ කාලයේ අරගලයේ (අරගලය) – ඉන්ධන පෝලීමේ (අකාලචර්යා) – කෝවිඩ් වසංගතයේ හා මුදල් විශුද්ධිකරණයේ (ඇත්තු දොළහයි. ඇත්ගොව්වෝ අටයි. නිලමෙලා දෙකයි) – යුධ අනාථභාවයේ (අස්වැන්න,කර්පන්ටයින් ජැටිය සහ ලුණු කන්ද, රිදී තිරය, සින්ඩරෙල්ලා) – දේශපාලන රැකවරණයේ (රතු කුරුස කථාව නොහොත් ලන්දේසි අම්මා) – බිඳ වැටෙන ගැමි ෆැන්ටසියේ (සූර්ය ක්ලාන්තය) – වාර්ගික සැකයේ හා පාවා දීමේ (පාවෙන වේදිකාව) අවස්ථා රැසක් භුමිදර්ශන සිතුවම් ලෙස පාඨකයාගේ මේසය මත තබයි.
මෙරට පක්ෂි වන්දනය පැවතුණු බවට සනාථ කරන්නට සිය චිරන්තන සාහිත්‍ය දැනුම යොදා ගන්නා චෞර – සාහිත්‍ය ප්‍රමාණිකයකුගේ ප්‍රඥා මහිමයේ සුරතාන්තයෙන් අනාථ කථා මාලාව අවසන් වේ.
Reviews
There are no reviews yet.