ශාන් ශාද් ප්‍රකාශන

Sale!

ලක්ෂ්මි

, ,

Original price was: රු1,700.00.Current price is: රු1,445.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

LAKSHMI

ISBN: 9789553119087

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකථාව සිරියලතාව බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උපන්නේ ය –

හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය – සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය –

ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය – අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය – තමා විසින්ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්විය.

නවකතා චක්‍රවර්තී – සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලෙඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි -මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේය.

Weight .420 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්ෂ්මි”

Your email address will not be published. Required fields are marked *