ශාන් ශාද් ප්‍රකාශන

Sale!

මිත්‍රා

, ,

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

MITHRAA

ISBN: 9786246103217

මිතුරියන් සමග බෝධිපූජාව අවසන් වී පන්සලෙන් පිටත් වෙද්දී රෑ බෝවී තිබිණ. මේ තරම් රෑ බෝවේ යැයි අරන්දනා කිසි විටෙකත් නොසිතුවාය. අතරමග පාරේදී වාහනය නතර කරන්නට ඇයට සිදු වූයේ එහි ඉදිරිපස කිසිවක වැදී තුවාල වී ඇත්දැයි පිරික්සා බලන්නටය. ඇය රියෙන් බැස වාහනේ ඉදිරිපස පිරික්සන්නට වූවාය. ඒ අතර වාරයේ විරුද්ධ දිසාවෙන් පැමිණි සුඛෝපභෝගී වාහනයක් මොහොනකට එතන නතර විය. එහි පැති දොරින් යම්කිසි පොදියක් පිටතට විසි කරනු ලැබිණ. රියෙන් පිටතට පොදිය විසි කළ සැණින් රිය නැවත ඉගිළිණ. ඇත්තටම චී පොදියක් නොවේ. කෙඳිරිගාමින් බිම වැතිර ඉන්නේ කඩවසම් තරුණයෙක් බව පාරේ විදුලි පහන් එළියෙන් අරන්දනාට දුටුවාය. ඒ මොහොතේම කඩ පෙළක් යයි හැඟවිය හැකි ඒ කුඩා කාමර පේළියෙන් කොනේ කාමරයේ දොර පළුව හැරිණ.

̈දෙයියනේ මිත්‍රා…”

තවත් තරුණයෙක් එළියට බැස්සේ කෑගසාගෙනය. ඔහු බිම වැටීවුන් තරුණයා තමන්ගේ අතට වාරු කරගන්නේ වේදනාවෙනි.

“දෙයියගේ මිත්‍රා… උං උඹව හපයක් කරලානේ…”

වේදනාවෙන් හා කෝපයෙන් එසේ කී තරුණයා ව්‍යසනයට පත් තමන්ගේ මිතුරාව වාරු කරගෙන ඇතුළට රැගෙන ගියේය. කම්පිතව ගිය අරන්දනා මේ සිදුවීම බලා උන්නේ ගල් ගැසුණු ගානටය. මේ හදිසියේ දුටු සිදුවීම ඇගේ පමණ නොවේ තවත් ජීවිතයක හැරවුම් ලක්ෂය වන බව ඇය කිසිවිටකත් නොසිතුවාය.

 

 

Weight .300 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිත්‍රා”

Your email address will not be published. Required fields are marked *