ශාන් ශාද් ප්‍රකාශන

Sale!

මහ සයුර ගිනි ගනී

, ,

Original price was: රු1,880.00.Current price is: රු1,598.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

DEVIL’S ALTERNATIVE

ISBN: 9789556563504

තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට KGB ප්‍රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග්‍ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, KGB ප්‍රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග ලෝකයේ විශාලතම තෙල් නැව යටත්කොටගත් ඔවුන්ගේ සගයෝ එය පුපුරවා හරින බවට තර්ජනය කරති. බොරතෙල් ටොන් මිලියනයක් මුහුදට පිටවුවහොත් සිදුවන අතිවිශාල පරිසර හානිය නිසා එම සිරකරුවන් නිදහස් කිරීමට තීරණය කෙරේ.

සෝවියට් තිරිඟු අවශ්‍යතාවය මිලදී ගැනීමට ඉල්ලා සිටි විට ඇමෙරිකාව, අවිසීමා ගිවිසුමක් ඇතිකර ගත යුතු බවට කොන්දේසියක් දමයි. තම අර්බුදය බරපතල නිසා සෝවියට් නායකයා එයටද එකග වී සිටියද, යුක්රේන සිරකරුවන් දෙදෙනා නිදහස් වී, KGB ප්‍රධානියා ඝාතනය වීමේ පුවත ප්‍රසිද්ධ වුවහොත් තමන් බලයෙන් පහවීම ස්ථිර බව දත් හේ, ඔවුන් නිදහස් කළහොත් තමන් අවිසීමා ගිවිසුමෙන් ඉවත් වන බව හදිසියේම දැනුම් දෙයි.

මෙම අර්බුදයෙන් සියලු රටවල් ගලවා ගැනීමට එක් නිලධාරියෙක් ඉදිරිපත් වෙයි. ධෛර්ය සම්පන්නව ක්‍රියා කරන ඔහුට එම කාර්ය සාර්ථක කර ගැනීමට හැකි වේද?

 

Weight .350 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහ සයුර ගිනි ගනී”

Your email address will not be published. Required fields are marked *