PALLAMAK NATHI KANDAK
ISBN: 9786240021876
මං ළඟ දි ටිකක්වත්
වුණේ නැතුවට මෘදු…
ඔයා අන්තිමට කිව්වෙ
වචන නෙවෙයි
ඒව ඇනෙන හී තුඩු…
හිතක් බිඳුණ ම මොනවටද
ආයෙමත් තවරළ
සුදු පාට හුණු…
හැරෙන්නැතුව ම යන ගමන යන්න
මට ඕනි නෑ දැන් ම
වෙදගිල්ලෙ අගට මුදු…
එපා පපුවට අනින්න
හීනෙනුත් ඇවිදින්
සියුම් තැන් බලා…
මතක මං වළදැම්මෙ
දළු දාන ගින්නකින්
තුන් හිත ම පෙළා…
දන්න උං අහනකොට
වේලිච්ච තොල් උඩින්
හිනාවක් උලා…
ඔයාව සිදුහත් කරන්නං ලෝකෙට
මං අම්බපාලි වෙලා…





Reviews
There are no reviews yet.