RISE & FALL OF THE NAZIS
ISBN: 9786245774296
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මාරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දූෂණයට ලක්ව 1837 දී පුතකු වැදුවා ය. ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේ ය.
ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝ ය. යුදෙව් සිසුන් හා සන්සන්දනය කිරීමේ දී හිට්ලර් ඉගෙනීමට ද පසුබට වූයේ ය. බුද්ධිමත් වූ ද, විශිෂ්ට වූ ද යුදෙව් සිසුන් සමඟ මානසික වශයෙන් හිට්ලර් විෂයෙහි ගැටුමක් නිර්මාණය වෙමින් පැවතියේ ය.
මෙකී හේතු කාරණා පසුකලෙක හිට්ලර් තුළ යුදෙව් විරෝධී පෞරුෂයක් ගොඩනැංවීමට හේතු වූයේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ යුරෝපය පුරා යුදෙව් ජාතිකයින් ලක්ෂ හැටක් පමණ හිට්ලර් විසින් කුරිරු ලෙස ඝාතනය කරවීම ය.
හීනමානී මෙන්ම උන්මාදී පෞරුෂයකට හිමිකම් කියූ හිට්ලර් ස්වකීය ඉලක්ක ජයග්‍රහණය කරවනු සඳහා ජර්මන් රාජ්‍යයේ බලයට ඉව ඇල්ලුවේ ය. ඉතා සියුම් කපටි ඥානයකින් හෙබි හෙතෙම උපක්‍රමශීලී ලෙස ජර්මනියේ බලය පැහැර ගත්තේ ය.
හිට්ලර් විසින් සිය දේශය ගලවාගනු ඇතැයි ඔවුහු විශ්වාස කළෝ ය. එහෙත් සමස්ත ජර්මන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමමින් හෙතෙම ජර්මනිය මතු නොව සමස්ත යුරෝපයම අමු සොහොනක් බවට පත් කළේ ය.





Reviews
There are no reviews yet.