ශාන් ශාද් ප්‍රකාශන

Sale!

අලුත් කවි මංජුසාව

, ,

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

+ Courier/Post Charges

Availability: 1 in stock (can be backordered)

ALUTH KAVI MANJUSAWA

ISBN: 9786245664535

පාඨක රසික භවතුනි,

වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි.

වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි.

කවි කියවීම, රස විඳීම, ‘හෙමින් කළ යුතු – උවමනාවකින් කළ යුතු’, පෞද්ගලික අභ්‍යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද එය ඉවහල් වේ. පරම්පරා කිහිපයකම රසඥතාව බිඳ වැටී තිබෙන බවට ප්‍රබල චෝදනාවක් අද ඇත. කරුණු විමසා බලන විට, ඊට මුල් වී තිබෙන එක සාධකයක් ලෙසින් ද ‘කවි නොකියවීම හා රස නොවිඳීම’ යන පුරුද්ද අදාළ බව මගේ පිළිගැනීමයි.

මම සෑහෙන කාලයක් නූතන කවි කියවමින් – රස විඳිමින් උගන්වමින් කවිය වෙනුවෙන්‍ වැඩ කර ඇත්තෙමි. මේ කෘතිය සම්පාදනය කළේ මගේ අත්දැකීම් පසුබිම් කරගෙන, විශේෂයෙන් නූතන කවිය උගන්වන ගුරුභවතුන්ටත්, විද්‍යාර්ථීන්ටත් පරිහරණය කළ හැකි මූලාශ්‍රයක් ලෙසිනි.

අලුත් කවියන් – කිවිඳියන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන මේ කෘතියෙන් අලුත් කවිය විවිධ මානයන්ගෙන් කියවිය හැකිය, රස විඳිය හැකිය. භාෂාව විෂයෙහි, පරිකල්පන ශක්තිය විෂයෙහි, සමාජ දෘෂ්ටිය හෝ ජීවන දෘෂ්ටිය විෂයෙහි, යම් අන්දමක අවබෝධයක් ලැබීමට ද මේ කෘතිය ප්‍රයෝජනවත් යැයි මම සිතමි.

මම සරත් විජේසූරිය

Weight .750 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අලුත් කවි මංජුසාව”

Your email address will not be published. Required fields are marked *